Related Posts Plugin for WordPress, Blogger...

.

Related Posts

Gazette


sinhala blog tips

 
බ්ලොග් එකට නමක් යොදන ආකාරය.

ඔබ අලුතින් බ්ලොග් එකක් ආරම්භ කිරීමට යන්නේ නම් එයෙට යොදන නම කුමක්ද?  කෙසේ හෝ එය ඔබේ බ්ලොග් එක පිළිබඳව ගන්නා  ඉතා තීරණාත්මක දෙයකි.මන්දයත් එය ඔබේ බ්ලොග් එකේ සාර්ථක  භාවයට ඉතා තදින්ම බලපාන නිසාය.
 මම මේ ලිපිය ලිවීමට හේතුව බොහෝ දෙනා බ්ලොග් නම් කිරිමේදී නම වරද්දා ගැනීමය.සමහර අය ඔවුන්ගේ නම බ්ලොග් එකේ නම ලෙස  පාවිච්චි කරති.

උදා : samathbandara.blogspot.com or sampathbandara.wordpress.com or sampathbandara.com  එහෙත් සම්පත් බ්ලොග් එකේ ලියන්නේ android ෆෝන් ගැනය.මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ අසාර්ථක භාවයට එක් හේතුවකි.

බ්ලොග් එකක් නම් කිරිඉමේදී ඔබ විසින් අනුගමනය කල යුතු සරල රීති පහක්  ඇත .

1.          එම නම ඔබෙගේ බ්ලොග් එකේ ලියන දේ  ගැන විස්තර කරන එකෙක් විය යුතුය .
ඔබගේ බ්ලොග් එක කියවීමට පෙර හුගක් අය  ඔබේ බ්ලොග් ඇඩ්‍රස් ලින්ක් එක ගූගල් සර්ච් රිසල්ට් වල දකීවි.බ්ලොග් නමේ  කොටසක හෝ ඔවුන් සොයන පදයේ (කිවර්ඩ්)  කොටසක් තිබුණහොත් ඔවුන් ඔබගේ බ්ලොග් එකට එන ප්‍රවණතාව වැඩිය.

             උදා : සම්පත් android ෆෝන් ගැන ලියනවනම් ඔහුගේ බ්ලොග් නමේ කොටසක හෝ android පදය  තිබිය යුතුය. andriodbuzz.com

2.          එය පහසුවෙන් මතක තබා ගත හැකි එකක් වියයුතුය.
එය ඉතා සරල කියවියහැකි  වචන තිබෙන එකක් විය යුතුය.

උදා : andrdbzzsampath86.blogspot.com වලට‍ වඩා andriodbuzz.com.blogspot.com හොදය.

3.          එය ඔබේ ඩොමේන් extension එක  සමග ගැලපිය යුතුය .
ඔබගේ බ්ලොග් නම සමග .net .org  ඩොමේන්  extension තිබුණහොත් දෙවන්වරත් එන අයෙකු ඔබේ බ්ලොග් නම සමග .com ලෙස සර්ච් කරාවි මෙමහින් ඔබේ බ්ලොග් සෙනග අඩුවියහැක .

උදා : androidbuzz.net, androidbuzz.org නම් වලට වඩා androidbuzz.com නම  හොදය.

4.          එය හැකිතරම් කෙටි වියයුතුය.
බොහෝ බ්ලොග් කියවන්නන් ඉතා දිග බ්ලොග් නම වලට අකමැතිය .එවගේ ම කෙටිඉර බ්ලොග් නම කිරීමේදී යොදා නොගන්න.

උදා : andriodbuzzsampathbandara.blogspot.com  හෝ android-buzz.blogspot.com නම සෙවුම් යන්ත්‍ර වලට ඉතා ඔප්ටිමයිස් නොවේ. androidbuzz.blogspot.com නම වඩා හොදය.

5.          එම නම සුවිශේෂී විය යුතුය.
ඔබේ අනෙකුත් බ්ලොග් තරගකරුවන් අතරින් කැපී පෙනිය හැකි ඔබටම ආවේනික අවධානය දිනාගන්නට සමත් නිර්මාණාත්මක නමක් විය යුතුය.දැනටමත් වෙබ් එකේ ඇති නමක්  හෝ කොපි කරපු නමක් නොවියයුතුය.

උදා : andriodbuzz.com

මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.

No comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *