rel nofollow සහ rel dofollow ලින්ක්ස් අතර වෙනස
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.
nofollow සහ dofollow යනු ඕනෑම වෙබ් ලින්ක් එකක් සර්ච් බොට් හෝ වෙබ් ක්‍රව්ලර්
(web crawler) විසින් එම ලින්ක්ස් ෆලෝ කර ඔවුන්ගේ වෙබ් ඉන්ඩෙක්ස් තුලට ඇතුලත් කර
ගත යුතුද නැත්ද යන්න පැහැදිලි කරන ඕනෑම ලින්ක් එකක් තුලට යොදන විධාන දෙකකි.මේවා
ඇට්‍රිබුට් (attribute) ලෙස හැදින්වේ.
No follow විධානය එම
ලින්ක් එක ක්‍රව්ල් කිරීම් නවත්වයි.
උදා:<a
href='https://twitter.com/#!/PrasadMdk' rel='nofollow'
Do follow විධානය එම ලින්ක් එක ක්‍රව්ල්
කිරීමට ඉඩ ලබාදේ.මෙය ෆලෝ ලෙස ලින්ක්ස් තුල පාවිච්චි කරයි.
උදා :<a href='https://plus.google.com/104847647726922454121? rel='follow'
ඔබේ ටෙම්ප්ලේටය තුල ඇති
මෙවැනි විධාන පහසුවෙන් සොයාගන්නා ආකාරය.
1.ඔබේ වෙබ් බ්‍රව්සරයෙන්
බ්ලොග් එකට පිවිසෙන්න. බ්ලොග් පේජ් එක ලෝඩ් වූ විට,
2.CTRL+ U කීබෝර්ඩ් බටන්
එකවර ප්‍රෙස් කරන්න.එවිට ඔබේ ටෙම්ප්ලේට් සෝර්ස් කෝඩ් වින්ඩෝ එක ඕපන් වේ.
3.CTRL + F කීබෝර්ඩ් බටන් එකවර ප්‍රෙස් කරන්න. එවිට සර්ච්
බාර් එකක් එක ඕපන් වේ.එය තුල follow ලෙස
ටයිප් කර සර්ච් කරන්න.
4.nofollow විධානය තැන් කිහිපයකම ඇති බව ඔබට පෙනේවි.
rel nofollow සහ dofollow අට්‍රිබුට් වල වැදගත්කම වන්නේ ඔබ විසින් ලියන
ලිපි වල ලින්ක් වලට මෙම අට්‍රිබුට් යොදාගත හැකිවීමයි.එමෙන්ම ඔබේ බ්ලොග් එකේ ඇති
හැම එක්ස්ටර්නල් ලින්ක් (external link) එකක් වෙතටම nofollow අට්‍රිබුට් යොදා ඒවා
සර්ච් බොට් වලට බ්ලොක් කර හැක.එමෙන්ම ඔබේ ඉන්ටර්නල් ලින්ක්ස් වලට dofollow යොදා
ඒවා වෙබ් ක්රව්ලර්(web crawler) වෙත ඉන්ඩෙක්ස්(index) කිරීමට ලබාදිය හැක.
මෙමගින් ඉතා පහසුවෙන් හැම ලින්ක් එකක්ම සුවිශේෂී ලෙස වෙන්කර හැක.එය ඔබේ
බ්ලොග් එකේ සර්ච් එන්ජින් ඔප්ටිමය්සේෂන් හෙවත් SEO වලට මහගු ලෙස දායක වේ.
අලුත් ලින්ක්ස් යෙදීමේදී හෝ තිබෙන ලින්ක්ස් එඩිට් කිරීමේදී rel='nofollow' හෝ rel='follow' අට්‍රිබුට් යොදාගැනීමට මතක තබා ගන්න.
මෙය පිලිබද ගැටලු පවතී නම් comment ආධාරයෙන් විමසන්න මෙය පිලිබඳ අලුත් අප්ඩේට් ලබාගන්න ඔබේ ඉ-මේල් ලිපිනය යොදා subscribe කරන්න.









